විශ්වාසභංගයේ ඡන්ද සංයුතිය | දිනමිණ

විශ්වාසභංගයේ ඡන්ද සංයුතිය

විශ්වාසභංගයට අදාලව ඡන්දය මොහොතේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත අනුව විශ්වාසභංග යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් පමණයි.

යම් හෙයකින් නාමිකව විමසන ජන්දයේදී සම තත්ත්වයක් ඇතිවුවහොත් තීරක ඡන්දය වන්නේ කථානායකවරයාගේ හෝ මූලාසනයේ ඡන්දයයි.

පාර්ලිිමේන්තුවේ සංයුතිය මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සැදුම් ලබයි.

ඉන් කතානායකවරයා හැර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව 106ක්.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතරට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 07දෙනෙකු, අමාත්‍ය මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට මන්ත්‍රීවරු 06 දෙනෙකු, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මන්ත්‍රීවරු 05 දෙනෙකු සහ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ද ඇතුළත්.

පාර්ලිමේන්තුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 95කි.

ඉන් 54 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර ඉතිරි පිරිස නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 06 දෙනෙකු සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ එක් මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුව නියෝජනය කරයි.


නව අදහස දක්වන්න

Or log in with...