අයහපත් කාලගුණය මැද නාඋල ගම්මිරිස් පණ ගහයි | දිනමිණ

අයහපත් කාලගුණය මැද නාඋල ගම්මිරිස් පණ ගහයි

නාඋල සමූහ හා මාතලේ දිසා සමූහ

මාතලේ දිස්ත්‍රික්කයට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගම්මිරිස් වගාවන්හි එල හටගෙන ඇතැයි ගොවීහු පවසති. ගම්මිරිස් බහුලව වගා කෙරෙන මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට ගම්මිරිස් එල හටගෙන තිබේ.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුරුතෝලූව, පෙලනලබොඩ, නාඋල, පිළිහුඩුගොල්ල සහ නාලන්ද ආදී ප්‍රදේශවල මේ දිනවල බහුල ලෙස එල හටගත් ගම්මිරිස් වගාවන් දැකිය හැකිය. පසුගිය සමයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගමිමිරිස් වගාවන් රැසක් විනාශ වු අතර මෙවර එම තත්ත්වය වෙනස් වී ගොස් තිබේ. 

නව අදහස දක්වන්න