මොබි­ටෙල් - Nokia ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නෙන් මිලි­යන 1.5ක් සහ යතු­රු­පැදි 16ක් | දිනමිණ

මොබි­ටෙල් - Nokia ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නෙන් මිලි­යන 1.5ක් සහ යතු­රු­පැදි 16ක්

ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, Nokia ජංගම දුරකථන සැපයුම්කරු වන HMD Global සමග එක්ව ඔවුන්ගේNokia Android දුරකථන වෙනුවෙන් වන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනේ ත්‍යාග උත්සවය පසුගිය දා කොළඹ දී සිදුවිය. Nokia 2, Nokia 3, Nokia 5, Nokia 6 සහ Nokia 8 ජංගම දුරකථන මිලදීගත් පාරිභෝගිකයන් මේ තරගය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර, ඔවුන් අතරින් ජයග්‍රහණය කරන ලද පාරිභෝගිකයන් වෙනුවෙන් විස්මිත ත්‍යාග සහ වෙනත් තිළිණ හිමිවිය. මේ තරගය හා අදාළ සුපිරි ත්‍යාගය රුපියල් මිලියන 1.5ක් වූ අතර, වෙනත් ත්‍යාග රාශියක් සහ සැනසිලි ත්‍යාග රැසක්ම ප්‍රදානය කෙරිණි. ප්‍රවර්ධන කාලසීමාව අතරතුර තමන් මිලදී ගත් Nokia ජංගම දුරකථන සඳහා මොබිටෙල් සිම්පත් සක්‍රීය කිරීමෙන් අනතුරුව මොබිටෙල් සබඳතාවන් හිමිකරගත් වාසනාවන්ත පාරිභෝගිකයන් 16 දෙනකු විසින් ඉතාම වටිනා අලංකාරවත් TVS Apache යතුරුපැදි දිනා ගන්නා ලදී. මීට අමතරව, Nokia ජංගම දුරකථන මිලදී ගත් සියලුම පාරිභෝගිකයන් වෙනුවෙන් මොබිටෙල් විසින් මේ ප්‍රවර්ධන කාලසීමාව පුරා නොමිලේ කතා කාලයක් සහ Data ලබාදෙන ලදී.

නව අදහස දක්වන්න