දෛවයට අභියෝග කළ අන්ධ දරුවන් | දිනමිණ

දෛවයට අභියෝග කළ අන්ධ දරුවන්

පසු ගිය දා පැවැති අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේවන විට නිකුත්ව තිබෙනවා.

එම විභාගයට දරුවන් ලක්ෂ හතකට ආසන්න පිරිසක් පෙනි සිට තිබෙන අතර සුවිශේෂ වූ දරුවන් පිරිසක් ද ඒ අතර වෙනවා.

ඔවුන් තමයි දෑස නොපෙනෙන දරුවන්. දෑස නොපෙනුණත් දිරියෙන් බ්‍රේල් ක්‍රමය යටත් විභාගයට පෙනීසිට උසස් අයුරින් විභාගය සමත් දරුවන් පිරිසක් පසුගිය දා අපට හමුවුණා.

ඒ රත්මලාන අන්ධ විදුහලේ දී. දෛවය තමනට සරදම් කර ද මේ දරුවන් නොබියව එයට මුහුණ දි ජිවිතයට ආලෝකයක් ළගා කරගන්න ගන්නා වෙහෙද හද කකියවන සුළු ය.

දැන් ඔවුන් විභාගය සමත් ය. උසස් පෙළ හදාරන්නට සුදුසුකම් සපුරා ගන ය.

එහෙත් දැන් ඔවුනට ඇති මීළග අභියෝගය වන්නේ උසස් පෙළ හදාරන්නට පාසලක් සොයා ගැනීමයි. නිවෙසට ළග ස්ථානයක හෝ හොස්ටල් ඇති පාසලක් ඔවුනට අවශ්‍යම වී ඇත.

එසේම සමාජයේම සහය ඔවුනට අවැසිව ඇත.

මේ වීඩියෝවෙන් කියැවෙන්නේ ඔවුන්ගේ කතාවයි.....

නව අදහස දක්වන්න