තුංකම මහ විදුහලේ ගුරු නිවාස කඩා වැටෙන්න ඔන්න මෙන්න | දිනමිණ

තුංකම මහ විදුහලේ ගුරු නිවාස කඩා වැටෙන්න ඔන්න මෙන්න

ඇඹිලිපිටියට නුදුරු තුංකම ගම්මානයේ පිහිටි තුංකම මහා විද්‍යාලයේ ඇතැම් ගුරු නිවාස වසර ගණනාවකින් අලුත්වැඩියා නොකිරීම නිසා ගරා වැටෙන තත්ත්වයට පත්ව ඇත.

සිසු සිසුවියන් දහසක් පමණ අධ්‍යාපනය ලබන මෙහි ගරු භවතුන් 35ක් පමණ සේවය කරති. මේ ගම්මානයේ නවාතැන් ගැනීමට නිවාස පහසුකම් නැති බැවින් පිට ප්‍රදේශවල සිට පැමිණ මෙහි සේවය කරන ගුරුවරු කිලෝමීටර් 10ක් පමණ ඈතින් පිහිට ඇඹිලිපිටිය නගරය ඇතුළු දුර ප්‍රදේශවල සිට සේවයට පැමිණෙති.

මේ ගුරුවරුන්ට අබලන්වී ඇති ගුරු නිවාස අලුත්වැඩියා කර දෙන්නේ නම් ඔවුන්ගේ නවාතැන් ප්‍රශ්නය විසදෙන අතර එවිට එම ගුරුවරුන්ගෙන් වැඩි සේවයක් ලබා ගත හැකි බව ගම්වාසීන්ගේ මතයයි.

කතරගම සමූහ
ඇම්. නෙලසන් පියරත්න

නව අදහස දක්වන්න