පුත්තලම පොලිසිය අපරාධවලට තිත තබයි | දිනමිණ

පුත්තලම පොලිසිය අපරාධවලට තිත තබයි

පුත්තලම නගරය ආවරනය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48ක් අධීක්ෂණ කටයුතු සඳහා විවෘත කිරීම පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දින සිදුවිය. පුත්තලම නගරය සහ ඒ අවට ඇති වන රථ වහන තදබදය සහ සිදුවන රථ වාහන අනතුරු මෙන්ම නගරය තුළ සිදුවෙන අපරාධ මැඩපැවැත් වීමත් මෙහි මූලික පර්මාර්ථය වී තිබේ. පුත්තලම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජේ. ඒ. චන්ද්‍රසේන මහතාගේ සහභාගීත්වයෙන් හා පුත්තලම නව නගරාධිපති කේ. ඒ. බායිස් මහතාගේ පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්‍රි මහතා ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් 2018.03.29 දින මෙම අධීක්ෂණ කැමරා පද්ධතිය විවෘත කිරීම සිදු කරන ලදී. මෙම ආවේක්ෂණ කැමරා පද්ධතිය පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්‍රි මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සවි කරන ලද අතර පුත්තලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ආවේක්ෂණය කරනු ලබයි.

කේ. ප්‍රියංකර වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න