වෙඩි වැදුනු බ්‍රිතාන්‍ය ජාතිකයාට අසාධ්‍යයි | දිනමිණ

වෙඩි වැදුනු බ්‍රිතාන්‍ය ජාතිකයාට අසාධ්‍යයි

කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඔහු සමග සිටි ශ්‍රී ලාංකිකයෙකු ද සුළු තුවාල ලබා තිබේ.

බරපතල තුවාල ලත් බ්‍රිතාන්‍ය ජාතිකයා මොහොමඩ් ස්මයිල් නැමැත්තෙකු බව හඳුනාගෙන ඇති අතර ඔහු සමග සිට සුළු තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා මිනී මැරුම් චෝදනා කීපයකටම සැකකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාළ විදේශිකයා 2000 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක හෝටලයක් පවත්වාගෙන ගිය අයෙකු වන අතර ඔහු සිය මිතුරෙකු සමග ඉකුත් 04 වෙනිදා රාත්‍රී 09.15 ට පමණ මෝටර් රථයකින් ඉදුරුව අතුරුවැල්ල ප්‍රදේශයේ හෝටලයක් වෙත පැමිණ ඇත.

ඔවුන් රථය නතර කරනවාත් සමග යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලැබ පලාගොස් තිබේ.

බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූ විදේශිකයා සැත්කමකට ලක්කිරීමෙන් අනතුරුව, දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව නාගොඩ මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ප්‍රකාශ කළේය.

වෙඩිතැබීමට T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කර ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

 

 

නව අදහස දක්වන්න