කෑදර සියල්ලන්ට සෙනවි මාමා ආදර්ශයකි | දිනමිණ

කෑදර සියල්ලන්ට සෙනවි මාමා ආදර්ශයකි

අන්සතු දෙයක් තමන් සතු කර ගැනිම සුදුසු නොවන නිසා ඒවා අයිතිකරුවන්ටම ලබා දීම සඳහා තමන්ට ලැබුණු මුදල් පසුම්බි දෙකක් තඹුත්තේගම මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති සමන් ප්‍රියන්ත මහතාට ලබාදුන් අපේ කාලයේ අපුරු මිනිසකු පිළිබඳ සිද්ධියක් තමුත්තේගම පොලිසියෙන් වාර්තා වේ.

සංගීත ශිල්පියෙක් ලෙස කටයුතුකරන තඹුත්තේගම මුසල් පිටියේ පදිංචි ඩබ්ලිව්. සෙනවිරත්න නැතහොත් කාගේත් ආදරණීය සෙනවි මාමා මුදලට කෑදර සියල්ලටම ආදර්ශයකි. සමාජයට මනා මෙහෙවරක් කිරිමට දියණියන් දෙදෙනෙක් හැදු පියෙකි. දෙදෙනාම ගුරුවෘත්තියේ නියලෙන අතර එක් අයෙක් තඹුත්තේගම ප්‍රාථමික වුදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස සේවය කරයි. තම බිරිය සමඟ පොල්පිතිගමට යද්දි කලාඔය පාලම ආසන්නයේ දී කැබ් රථයකින් මුදල් පසුම්බියක් විසිවි තිබේ.

වෙනත් යතුරු පැදියකින් ගමන්ගත් තරුණයන් දෙදෙනෙක් එය අහුලා ගැනිමට උත්සහ කලද එය වළක්වා මුලස්ථාන පොලිසියට ලබාදී ඇත. තවත් දිනක ගුරුවෘත්තියේ නියලෙන තම දියණියක් පාවහන් මිලට ගැනීමට වෙළ‍ෙඳ සලකට ගොස් සිටි අවස්ථාවක දී මුදල් පසුම්බියක් බිම වැටි තිබෙණු දැක එය අහුලාගෙන සෙනවිරත්න මහතාට ලබාදී ඇත්තේ. පොලිසියට ලබාදිම සඳහාය.

ඔහු එයද පොලිසියට භාර දී තිබේ. කඩාකල සිට අනුන්ගේ දේවල් ගැනීමේ පුරද්දක් නැති බවත් තම දරුවන්ටද එය පුරුදු කළ බවත් ඒ මහතා පැවසිය මේ මුදල් පසුම්බි දේකේම රුපියල් 19000ක් තිබී ඇත. අවශ්‍ය නම් එය තමන්ට ලබා ගැනීමට තිබුණත් අන්සතු දේ පිළිබඳ කෑදර නොසිතු මෙම පුද්ගලයා සිදුකර ඇත්තේ එලොවටත් මෙලොවටත් අපුරු පින්කමකි.

තලාව සමුහ සමන්ත ධර්ම කීර්ති
ඡායාරූපය - තලාව සමුහ 

නව අදහස දක්වන්න