මෝටර් රථ-අත්ට්‍රැක්ටර් අනතුරින් කාන්තාවක් රෝහලේ | දිනමිණ

මෝටර් රථ-අත්ට්‍රැක්ටර් අනතුරින් කාන්තාවක් රෝහලේ

තංගල්ල හම්බන්තොට මාර්ගයේ රන්න වාඩිගල දී කාර් රථයක්, ලී ඉනි ප්‍රවාහනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් අත්ට්‍රැක්ටරයේ ගමන් කළ කාන්තාවක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. පසුගියදා මෙම අනතුර සිදුවඇත. මෙම අනතුරට සම්බන්ධ කාර් රථය පදවා ඇත්තේ දික්වැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි. සේවය නිමකර නිවෙස බලා පැමිණ ඇති මෙම අය බීමත්ව සිටි බව පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උ පො පා එච්. එච්. පී. ඒ පුෂ්පකුමාර මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.

මැදමුලන සමූහ

නව අදහස දක්වන්න