රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෞරුෂ වර්ධන මධ්‍යස්ථානයක් | දිනමිණ

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෞරුෂ වර්ධන මධ්‍යස්ථානයක්

නිමල් රාජපක්ෂ
ශීලා උඩුවර

රාජ්‍ය සේවකයන් සඳහා පෞරුෂ වර්ධන අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුවීම් සමග බැහැරගත පුහුණු මධ්‍යස්ථනයක් ප්‍රථම වරට කළුතර පළාතොටදී විවෘත විය.

මෙම නව මධ්‍යස්ථානය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වාමහතා අතින් විවෘත කෙරිණි ඇමතිවරයාගේ උපදෙස්මත ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංගම සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය බිහිකර තිබේ.

ගරාවැටී තිබු කළුතර පළාතොට ශ්‍රී ලංගම රියැදුරු විද්‍යාලයට නව ජීවයක් ලබාදි මෙම පුහුණු මධ්‍යස්ථානය බිහිකර ඇති අතර මේ සඳහා වැය වී අති මුදල රුපියල් ලක්ෂ 50 ක් පමණ වන අතර අනෙකුත් ඉදිකිරීම් ශ්‍රී ලංගම සේවකයන්ගේ ශ්‍රම දායකත්වයන් සිදුකෙරිණි.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විධායක මට්ටමේ සිට පහළම මට්ටම දක්වා නිලධාරීන්ගේ හා සේවකයින්ගේ මානසික අභිවෘද්ධිය, සම්පත් කළමනාකරණය, නව ආකල්ප වර්ධනය, සාමුහිකත්වය ගොඩ නැගිම, ඒ තුළින් ළුලදායිත්වය ගොඩනැංවීම, අරමුණු කරගනිමින් මෙම පෞරුෂ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

දේශන ශාලා තුළ සිට පැවැත්වෙන මානව සම්පත් සංවර්ධන පුහුණු පාඨමාලාවන්ට සම්පූර්ණයෙන් වෙනස් මුහුණුවරක් ගනිමින් බ බාහිර ක්‍රියාකාරකම් සමග සාමුහිකත්වය පදනම්කර ගනිමින් විවිධ පුහුණු වැඩසටහන් රැසක් මෙම මධ්‍යස්ථානයේදි පැවැත්වේ.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය පෞද්ගලික ආයතන විවිධ සමිති සමාගම්වලට මෙම මධ්‍යස්ථානයේදි එකවර සිය දෙනෙකුට පමණ නේවාසික පුහුණුවීම් හා උපදේශන වලට සහභාගි විය හැකිය.

ශ්‍රි ලංගම සේවකයින්ගේ විනය මානසික සංවර්ධනය, කාර්යක්ෂමතාවය හා සේවකයන්ගේආකල්ප වෙනස් කිරීම සඳහා ප මෙවැනි පුහුණු පාඨමාැලා පැවැත්විම ඉතාම යෝග්‍ය බව මෙම මධ්‍යස්ථානය විවෘත කරමින් ඇමතිවරයා සඳහන් කළේය.

මෙය පරිපාලන අංගයක් බවත්, ලෝකයේ දියුණු රටවල සේවක අභිවෘද්ධිය හා ඵලදායිත්වය ඉහළ නැංවිම සඳහා මෙවැනි උපායන් අනුගමනය කරමින් ඔවුන්ගේ නිෂ්පාදිත ඉලක්කයන් වෙත ගමන් කරන බවත් පැවැසිය.

පෞද්ගලික ව්‍යවසාහකයන් සමග තරග කරමින් හ්‍රී ලංගමය උපාය මාර්ගික ආදායම් ලැබීම කෙරෙහි නැඹුරුවිය යුතු බවත් ඇමතිවරයා කිය.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහත්වරුන් අතුළු හ්‍රී ලංගම නිලධාීන් හා මෙම මධ්‍යස්ථානයේ පුහුණු අපදේශකයන් වන චන්දන ගුණවර්ධන මහතා ඇතුළු උපදේශක මණ්ඩලයද සහභාගි වුහ.

නව අදහස දක්වන්න