UNP ප්‍රධාන තනතුරු 05ක වෙනසක් - UPDATE | දිනමිණ

UNP ප්‍රධාන තනතුරු 05ක වෙනසක් - UPDATE

එක්සත් ජාතික පක්ෂයට නැවතත් නායකත්ව කමිටුවක් පත් කිරීමට අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

එම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත්.

මේ අතර රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව අද පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇති බව ද සදහන්.

දැනට පවතින සෙසු තනතුරු ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත්, මහ ලේකම්, ජාතික සංවිධායක හා සභාපති තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් අද නම් කළ නායකත්ව කමිටුව අප්‍රේල් මස 30 වන දාට පෙර තීරණය කරනු ඇති.

UNP ප්‍රතිසංවිධානය - පැය 48ක අඛණ්ඩ සාකච්ඡා - UPDATE 

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලය අද පිට කෝට්ටේ සිරිකොත මුලස්ථානයට රැස් විය.

ඒ එම පක්ෂයේ තනතුරු වෙනස් කරමින් පුර්ණ ප්‍රතිසංවිධානය සඳහාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඔවුන් පැය 48ක් අඛණ්ඩව රැස් වී සාකච්ජාකොට පක්ෂයේ තනතුරු වෙනස් කිරීම පිලිබඳ තීරණයකට එළඹීමට නියමිතව ඇත.

පක්‍ෂ ප්‍රති සංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු කමිටු තුනේ නිර්දේශ සලකා බලමින් අවසන් තීරණය ගන්නා බව ද සදහන්.

අදහස් 1ක් ඇත

පැය 48ක් කතා කරන්න ඕන නෑ. විනාඩි 10ක් කතා කරලා නායකත්වය වෙනස් කලොත් ගොඩ. එහෙම නැතිව වෙන මොනවා කලත් එන චන්දෙදි අම්බානට පරදිනව.

නව අදහස දක්වන්න