සරසවිය සම්මාන උළෙලේ සියළු තතු | දිනමිණ

සරසවිය සම්මාන උළෙලේ සියළු තතු

නිරුෂි විමලවීර
කලාව මිනිසුන්ගේ කාන්සිය මඟහැරීමටත් මානසික සුවය ප්‍රඥාව දියුණූ කිරිමටත් මහත් පිටිවහලක් සපයයි.
 
කලාව කෙතරම් සොදුරු වුවද කලාකරුවන්ගේ ජීවිත වලට එම සොදුරුතාව කෙතරම් සමීපද යන්න දෙවරක් සිතිය යුතුය. 
 
අප සැමට සොදුරු බව ළගා කර දෙන කලාකරුවන්ගේ ජීවිතයට සොදුරු අවස්ථාවක් උදාවන්නේ ඔවුන් වෙත පිරිනැමෙන සම්මාන හා උපහාර වලිනි. 
 
එවන් සුවිශේෂී අවස්ථාවක් වූ දේශීය සිනමාවේ මහා කලා මංගල්‍ය සරසවිය සම්මාන උළෙල 2016 මහත් අභිමානවත් අයුරින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (15)දා රාත්‍රීයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණි.
 
දශක හතක රූ සරණීය ලෙස නම් කර තිබූ මේ අනගි භවනීය උළෙල සියලු කලා ක්ෂේත්‍ර නියෝජනය කරන තරුවලින් ආලෝකවත් විය.
 
අදියර හතක් යටතේ පැවැති සම්මාන රාත්‍රිය, කලාවට අධිපතිනිය වූ සරස්වතී දේවියන් වෙත කල උපහාර නර්ථනයකින් ආරම්භය කෙරුණි. 
 
2015 වසරේ විකාශය වූ චිත්‍රපට 23ක් අතරින් තෝරාගත් සම්මාන 24ක් වෙනුවෙන් සම්මාන වෙන් කර  තිබීමද මෙහි විශේෂත්වයක් විය.
 
මේ අභීමාවනවත් උළෙලේ  ප්‍රථම අදියරේදී  සම්මාන ප්‍රධානය වෙනුවෙන් ප්‍රවීන රංගවේදිනී පුන්‍යා හීන්දෙනිය මහත්මිය සහ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු වන ගාමිණී සමරසිංහ මහතා එක් විය.
 
ප්‍රථම සම්මානය ලෙසින්, කෝටි දහහතක ආදායම් වාර්තා බිද හෙළු ජනප්‍රිය චිත්‍රපටය ලෙසින් 'මහරජ ගැමුණු' චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබූ අතර එහි නිෂ්පාදක ගුණපාල රත්නසේකර මහතා විසින් සම්මානය හිමි කර ගත්තේය.
 
කුසලතා සම්මාන හයකින් සමන්විත වූ පළමු අදියරේ පළමු කුසතා සම්මානය 'මේ වගේ ආදරයක්' චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් දිනක්ෂී ප්‍රියශාද් හිමි කර ගත්තාය. 'සුහඳ කොකා' හි රංඟන දායකත්වය වෙනුවෙන් ලාල් කුලරත්න මහතාටද , සිරිමල් රොබින් සන්දීප් මහතාට, 'ඇඩ්රස් නෑ' හි රංඟනය වෙනුවෙන්ද,  සාක්‍යා කුමාරතුංග, හෝගාන පොකුණ රංඟ දායකත්වය වෙනුවෙන් ද, මහේෂ්වරී රත්නම්ට හා දිනේෂ් ගුණසිරි මහත්වරුන්ද සම්මානයෙන් පිදුම් ලැබූහ.
 
ජනප්‍රිය නවක නළුවාට හිමි සම්මානය 'ඉර සේවය' චිත්‍රපටයේ  විශිෂ්ඨ රංගනය වෙනුවෙන් ඉෂාර වික්‍රමසිංහ හිමි කර ගත්තේය. ජනප්‍රිය නවක නිළිය ලෙසින් 'හෝගාන පොකුණ' චිත්‍රපටයේ රංඟන දායකත්වය වෙනුවෙන් අනිත්‍යා සුබසිංහ හිමි කර ගත්තාය.
 
සම්මාන රාත්‍රියේ දෙවන අදියරේ සම්මාන පිරිනැමීම සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරූ පරණවිතාන මහතා සහ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු වූ සුනිල් මිහිඳුකුල මහතා එක්විය.
 
එහිදී හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් 'මහරජ ගැමුණූ' චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය වෙනුවෙන් අරුණ ප්‍රියශාන්ත කළු ආරච්චි මහතාට හිමි විය. හොඳම වේශ නිරූපනය වෙනුවෙන් 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ ජයන්ත රණවක මහතාට හිමිවිය. හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ රොහාන් සමර දිවාකර මහතා සම්මාන හිමි කර ගත්තේය. 
 
සම්මාන ප්‍රධානයේ තෙවන අදියර සඳහා නියෝජ්‍ය ඇමැති ප්‍රවීන රංගවේදි රන්ජන් රාමනායක මහතා සමඟින් සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරියක් වූ දීප්ති ‍ෆොන්සේකා මහත්මිය එක්වූහ.
 
හොඳම ගී පද රචනය වෙනුවෙන් වූ සම්මානය 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ පල්ලේගම හේමරතන හිමියන්ට හිමි විය. හොඳම ගායකයා ලෙසින් 'මගේ යාළු මාළු' හී මේ අහන්න ගීතය වෙනුවෙන් එඩ්වඩ් ජයකොඩි මහතා හිමි කර ගත්තේය. හොඳම ගායිකාව ලෙසින් 'මහරජ ගැමුණු' හි සඳමඬල ගීතය වෙනුවෙන් නිරෝෂා විරාජිනී මහත්මිය හිමි කර ගත්තාය. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය  නදීක ගුරුගේ මහතාට හිමි විය. 
 
සිව්වන අදිරය වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සමන් වගආරච්චි මහතා සහ සරසවිය හිටපු කර්තෘවරයෙකු වූ අනුර බණ්ඩාර රාජගුරු මහත්වරු එක්වූහ.
 
ලේක්හවුල් විශේෂ සම්මානයන්ගෙන් සැඳුම් ලත් එම අදියරේදි රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානයෙන් ගාමිණී වේරගම මහතා පිදුම් ලැබීය. කලාකරුවෙකුට සිය ජීවිතයේ එක්වරක් පමණක් පිරි නමන සරසවිය රණතිසර සම්මානයෙන් සුගතපාල සෙනරත් යාපා මහතාත්, ප්‍රවීන ගායනවේදීනී සුජාතා අත්තනායක මහත්මියත් පිදුම් ලැබුහ.
 
පස්වන අදියරේ සම්මාන ප්‍රදානයෙ වෙනුවෙන් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හිටපු සභාපතිවරයෙක් වූ රංජිත් විජේවර්ධන මහතා සහ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර යන මහත්වරු එක්වූහ. 
 
මෙහිදී කලාවට සිදු කළ අමිල සේවය අගයමින් ප්‍රවීන ගායක ගායිකාවන්ට සහ රංගවේදීන් වෙනුවෙන් අභිමානී සම්මාන පහක් පිරිනැමුණි.
 
එහි ප්‍රථම සම්මානය අභ්‍රාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයාණන්වූ  ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට හිමි වූ අතර එතුමාගේ පුත් රංජන අමරදේව මහතා වෙත එය පිරිනමන ලදී.
 
අභිමානී සෙසු සම්මානයන් විශාරද නන්දා මාලනී , පුන්‍යා හීන්දෙනිය, සුමිත්‍රා පීරිස්, ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්ම මහත්මීන් හිමි වූහ.
 
පළමු වරට සරසවිය සම්මනුලෙලක දී ලබා දුන් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරීස් සම්මානය  ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරීස් මහත්මිය විසින් 'සයපෙති කුසුම' චිත්‍රපටය වෙත පිරිනැමුවාය.
 
සම්මාන උළෙලේ හය වැනි අදියර  සම්මාන රාත්‍රියේ වඩා උණුසුම් තත්ත්වයට පත් වෙමින් පැවතීම සුවිශේෂී විය.
 
හයවැනි සම්මාන අදියරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරූ පරණවිතාන, සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු වූ රංජිත් කුමාර යන මහත්වරු එක්වූහ.
 
හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි සම්මානයෙන් 'මහරජ ගැමුණු' චිත්‍රපටය සංස්කරණය කළ රවීන්ද්‍ර ගුරුගේ මහතා හිමි කර ගත්තේය. හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් 'මහරජ ගැමුණූ' කැමරාගත කළ රුවන් කොස්තා සම්මානයෙන් පිදුම් ලැබීය. හොඳම තිර රචනයට හිමි සම්මානය 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය තිර රචනය කළ ප්‍රසන්න විතානගේ හිමි කර ගත්තේය. 
 
හොඳම සහාය නළුවා ලෙස 'හෝගාන පොකුණ' චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් ජයලත් මනෝරත්න මහතාද, හොඳම සහාය නිළියට හිමි සම්මානය 'ප්‍රවේගය' චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් දමිතා අබේරත්න හිමි කර ගත්තාය. 
 
අවසන් අදියර වන හත්වන අදියර වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරූ පරණවිතාරණ, ලේක්හවුස් සභාපති කාවන් රත්නායක, කර්තෘ  මණ්ඩල අධ්‍යක්ෂක  සමන් වගආරච්චි, ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සභාපති කුමාරසිරි සිරිසේන, රංගනවේදී පුන්‍යා හීන්දෙනිය සහ සරසවිය පුවත්පතේ කර්තෘ අනුර ගුණරත්න යන මහත්ම මහත්මීන් එක්වූහ.
 
විශේෂ ජූරී සම්මානයක් මෙහිදී 'ප්‍රවේගය' රංගන දායකත්වය වෙනුවෙන් හේමාල් රණසිංහ මහතාට හිමි විය.
 
හොඳම නළුවාට හිමි සම්මානය 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ රංගන දායක්තවය වෙනුවෙන් ජැක්සන් ඇන්තනි මහතාට හිමි විය.
 
හොඳම නිළියට හිමි සම්මානය 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ ප්‍රතිභා පූර්ණ රංඟන දායකත්වය වෙනුවෙන් අංජලී පටෙල් මෙනවියට හිමි කර ගත්තාය.
 
හොඳම අධ්‍යක්ෂණය 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ මහතාට හිමි වූ අතර, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය 'මහරජ ගැමුණු' නිෂ්පාදනය වෙනුවෙන් ගුණපාල රත්නසේකර මහතා හිමි කර ගත්තේය. 
 
සරසවි දේවියෙන් සමාරම්භය සනිටුහන් කළ සරසවිය සම්මාන උළෙල පුරා හෝරා හතරක් ප්‍රේක්ෂක ආකර්ශන ඇඳ බැද ගනිමින් සරසවිය අභිවන්දනය ගීතයෙන් නිමාවට පත් විය. 
 
 

අදහස් 8ක් ඇත

Maha Raja Gamunu becomes most popular film because people love that historical character .Therefore Uddika Premaratne must be the best actor as he played that role very superbly making the film most popular .

uddikata thama labenna one

Uddika premarathne must be the best actor. His acting excellent ... something wrong judgement

kohomada daksayekwa idiriyata ganne, me siddiya anuwa! uddika oya wattanna baha !

මේ තරම් අංශ රාශියකින් ශිල්පීන් රැසක් සම්මාන සදහා මෙහෙයවපු, හොදම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරපු, ජයන්ත චන්ද්‍රසිරිට මොකද වුනේ? එයා නොහිටියානම් මේ චිත්‍රපටිය මේ වගේ හැදෙයිද? හරියටම රසම රස ලුනු මිරිස් එලවලු තුනපහ එකට දලා රත්කලාට වෑන්ජන රසට හැදෙනවද? රසම වෑන්ජනේ තෝරනවද කෝකියාට සම්මාන නොදී?

මේ තරම් අංශ රාශියකින් ශිල්පීන් රැසක් සම්මාන සදහා මෙහෙයවපු, හොදම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරපු, ජයන්ත චන්ද්‍රසිරිට මොකද වුනේ? එයා නොහිටියානම් මේ චිත්‍රපටිය මේ වගේ හැදෙයිද? හරියටම රසම රස ලුනු මිරිස් එලවලු තුනපහ එකට දලා රත්කලාට වෑන්ජන රසට හැදෙනවද? රසම වෑන්ජනේ තෝරනවද කෝකියාට සම්මාන නොදී?

ජයන්ත චන්ද්‍රසිරිට වුනෙත් ඒකමයි. මෙතරම් දවෑන්ත නිර්මානයක් කරන්න ගත්තු වෙහෙස නිසා නේද මෙය සම්මානයට පාත්‍ර වුනේ? කෝ ඇගැයුම්?

ඔක්කොටම සම්මාන දෙන්න බැරිබව දන්නවා. එහෙත් හොදම නිර්මානය ලෙස සම්මාන විශාල ප්‍රමානයක් ගත්තා කියන්නෙ අධ්‍යක්ෂක හොදවෙන්න එපැයි. කිසිම අංශයකට සම්මානයක් ගන්න මෙහෙයවන්න බැරි කෙනා හොදම අධ්‍යක්ෂක වීම විහිලුවක්.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...