වසර දෙකකට පසු වාස් ගුණවර්ධනට ඇප | දිනමිණ

වසර දෙකකට පසු වාස් ගුණවර්ධනට ඇප

අසංක බණ්ඩාර
වසර දෙකක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ලකින් අද ඇප ලැබිණ.
 
රුපියල් ලක්ෂ පහක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හැරි ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවිණි.
 
එමෙන්ම ඔහුට සෑම සතියකම බදාදා සහ සිකුරාදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණ.
 
ලලිත් ජයසූරිය,කුසලා සරෝජිනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සේනාරත්න යන විනිශ්ච මණ්ඩලය හමුවේ සැකකරුවන්ට අද ඇප නියම කෙරුණි.
 
ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් පස් දෙනකුට ද එම කොන්දේසි මතම ඇප ලැබිණි.
 
කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීමට අනුබල දුන්නැයි සැකකරුවනට එරෙහිව නඩු පැවරිණ.

නව අදහස දක්වන්න