වැලිකඩින් ඇට සැකිල්ලක් හමුවෙයි | දිනමිණ

වැලිකඩින් ඇට සැකිල්ලක් හමුවෙයි

අසංක බණ්ඩාර

රාජගිරිය - වැලිකඩ - සිල්වා පටුමඟේ නිවසක තිබී අද අලූයම පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් පොලීසිය සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කලක සිට මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙන් වෙන්ව ජීවත්ව ඇති බවය.

පසුව පුරුෂයා පිළිබඳ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය මොහු සිටි වැලිකඩ ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර නිවසේ කිසිවෙකු නොමැතිවීම හේතුවෙන් දොරගුලූ කඩා නිවසට ඇතුලූවූ අවස්ථාවේදී බිරිඳ ඇඳ මත තිබූ මෙම ඇටසැකිල්ල දැක තිබේ.

පසුව බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

නව අදහස දක්වන්න