රග්බි ක්‍රීඩක තාජුඩීන් ඝාතන නඩුව කල් යයි | දිනමිණ

රග්බි ක්‍රීඩක තාජුඩීන් ඝාතන නඩුව කල් යයි

අසංක බණ්ඩාර
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මිය යාමට පෙර ජංගම දුරකථනයට ලැබුණු වාර්තා ඉදිරිපත් කළ නොහැකි බව අදාළ පුද්ගලික දුරකථන සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අද  අධිකරණයට පැවසීය.
 
අදාළ දිනයට මාස තුනකට පෙර වාර්තා පමණක් එම ආයතනය රඳවා තබාගන්නා බව හා ඊට පෙර වාර්තා තමන් සතුව නැති බවත් දිවුරුම් ප්‍රකාශයක් මගින් එම සමාගම උසාවියට දැන්වීය.
 
එහි දී නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  දැනුම් දුන්නේ කෙසේ හෝ නඩු විභාගයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.
 
ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් 10 වැනි දිනට කල් තැබිණි.
 
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී ඔහුගේ කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය අතර  මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැති වුව ද ඉකුත් රජයේ ප්‍රබලයකුගේ පුත්‍රයකු ගැනද පරීක්ෂණ ආරම්භ වී ඇත.

නව අදහස දක්වන්න