ලක්‍ෂ 80ක කුඩු සමග අයෙකු කොටු | දිනමිණ

ලක්‍ෂ 80ක කුඩු සමග අයෙකු කොටු

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු
රැපියල් ලක්ෂ අසුවක් වටිනා මත්කුඩු  ග්‍රෑම් 631ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 
 
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වු සුඛෝපභෝගි බස් රථයක් අද අළුයම පුත්තලම පාලාවිය ප්‍රදේශයේ ද පරික්ෂා කළ අවස්ථාවේ දියි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
ගමන් මල්ලේ කුඩා බෝතලයක් තුළ සුක්ෂ්ම අයුරින් ගබඩා කර තිබු මෙම කුඩු තොගය පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකරු යාපනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබුණා.
 

නව අදහස දක්වන්න