ඉබ්බන් පන්නන්ට ගොස් වැඩ වරදී | දිනමිණ

ඉබ්බන් පන්නන්ට ගොස් වැඩ වරදී

අසංක බණ්ඩාර
සිය ගමන් මල්ලේ  සඟවාගෙන මලයාසියාවේ  ක්වාලාලාම්පුර් වෙත රැගෙන යාමට උත්සහ කළ ඉබ්බන් 124 ක් සමග ව්‍යාපාරිකයෙකු කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පැවසුවේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම සැකකරු අද අළුයම 00.55 ට පමණ අත්අඩංගුවට ගත් බවයි.
 
මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලාම්පුර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
 
එක් ඉබ්බෙකු මියගොස් සිට ඇති අතර ඉතිරි ඉබ්බන්ගේ අඬුවලට ටේප් ගසා සපත්තු මේස් තුල බහා තිබු බව රේගුව සදහන් කරයි.

නව අදහස දක්වන්න