L.T.T.Eයේ ගිනි අවියකින්, කොල්ලකාලා | දිනමිණ

L.T.T.Eයේ ගිනි අවියකින්, කොල්ලකාලා

කොටි සංවිධානයෙන් ලබාගත්තා යැයි පැවසෙන ටී. 56 ගිණිඅවියක් යොදාගෙන වසර ගනනාවක් විවිධ අපරාධ රැසක් සිදු කල නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙක් අදාළ ගිණි අවිය සමඟ බෙලිඅත්තේ දී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ කොල්ලකෑම් රැසක් සම්බන්දව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ඒ සම්බන්ධව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහට ලද තොරතුරක් මත තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සහ තවත් විශේෂ නිළධාරීන් යොදවා මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව ධනපාල අබේවික්‍රම සඳහන් කලේය.

බෙලිඅත්ත, නාකුළුගමුව, කුඩා හීල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මෙම සැකකකරුවන් වයස අවුරුදු 29 හා 39 පසුවෙති.

බෙලිඅත්ත සහ නාකුළුගමුවේ දි අත්අඩංගුවට පත් වු සැකකරුවන් දැනට නාවික හමුදාවේ මිරිස්ස ධීවර වරාය වෙරළ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින අය අතර කුඩා හීල්ලේ දී අත් අඩංගුවට පත් වූ සැකකරු නීත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත් වූ අයෙකි.

මෙම එක් සැකකරුවකුගේ නිවසේ සිවිලිම යට සඟවා තිබිය දී ටී.56 ස්වංක්‍රීය ගිණි අවිය හා මැගසින් දෙකක්, ජිව උණ්ඩ 53 ක් පොලිසිය සොයාගත් බව සඳහන් කලේය.

මෙම කොල්ලකරුවන් පසුගිය දිනවල ආසන්න වශයෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ නිවෙස් තුනක් කොල්ල කා ඇති අතර. පසුගිය වසරේ තවත් කොල්ල කැමක් සිදු කර ඇති බව දැනට කර ඇති පරීක්ෂණ වලින් අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.

සැකකරුවන් සතුව තිබි යතුරුපැදියක්, කරාබු ජෝඩුවක්, උණු කරන ලද රන් ගුලියක් , කාන්තා අත් බෑග් දෙකක් පොලිසි සොයාගෙන තිබේ.

ටි. 56 ගීණි අවිය යුධ සමයේ දි කොටි සංවිධානයෙන් ලබා ගත් එකක් බව ප්‍රශ්න කිරීම් වල දි පොලිසියට පවසා ඇති හෙයින් මෙතෙක් කල් මෙම ගිණී අවිය යොදාගෙන සිදු කර ඇති අපරාධ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන බවද පොලිස් අධාකාරි වරයා සඳහන් කලේය.

සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(ලුණම සමූහ - සනත් ගමගේ)

නව අදහස දක්වන්න