තේනූක විදානගමගේ බන්ධනාගාරයට | දිනමිණ

තේනූක විදානගමගේ බන්ධනාගාරයට

අසංක බණ්ඩාර
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනූක විදානගමගේ  ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
ඒ මහියංගණය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
 
මේ අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ද ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
පසුගියදා මහියංගණය ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පහරදී එක් අයෙකුගේ අතක් කැපීමේ චෝදනාව යටතේයි ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නව අදහස දක්වන්න