ඉහළ මහලේ සිට බිමට තල්ලු කිරීමෙන් අයෙකු ජීවිතක්ෂයට | දිනමිණ

ඉහළ මහලේ සිට බිමට තල්ලු කිරීමෙන් අයෙකු ජීවිතක්ෂයට

අසංක බණ්ඩාර
හපුතලේ,බෙරගල - කොස්ලන්ද මාර්ගයේ ග්‍රීන් පාක් ප්‍රදේශයේ නිවසක 70 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ ඉහළ මහලේ සිට බිමට තල්ලු කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
මංකොල්ලකෑමක් සිදුකිරීම සඳහා පැමිණි පුද්ගලයින් පිරිසක් ඔහුට එම අනතුර සිදුකර ඇති බව වාර්තා වේ.
 
බරපතළ තුවාළ ලැබූ අදාළ පුද්ගලයා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු නිවසේ තනිවම පදිංචිව සිටි අයෙකු බව සදහන්.
 
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
 
සෙසු සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සදහා හපුතලේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න