මුදල් අමාත්‍යංශයෙන් එෆ්.සී.අයි.ඩියට පැමිණිල්ලක් | දිනමිණ

මුදල් අමාත්‍යංශයෙන් එෆ්.සී.අයි.ඩියට පැමිණිල්ලක්

අසංක බණ්ඩාර
පසුගිය රජය  සමයේ  කොළඔ  කොල්ලුපිටියේ  හා හම්බන්තොට  දි හෝටල්  දෙකක් ඉදිකිරිම සඳහා  ආරම්භ  කරන ලද  හයාත් හෝටල්  ව්‍යාපෘතියේ  සිදුවී ඇති  මහා පිරිමාණ  මුල්‍ය  වංචා  හා  අක‍්‍රමිකතා  පිළිබදව  මුදල්  අමාත්‍ය  රවි කරුණානායකගේ  උපදෙස්  පරිදි  පොලිස්  මුල්‍ය  විමර්ශන  අංශය  වෙත  පැමිණිලි  කිරිමට කටයුතු  යොදා  ඇත.
 
හයාත්  හෝටල්  ව්‍යාපෘතිය රජය සතු පොදු ව්‍යවසායයක් වන සී/ස  කැන්විල්  හෝල්ඩිං සමාගමට අයත්වේ. 
 
මේ සමාගමේ සියයට 46‍ක කොටස් ශ‍්‍රී  ලංකා  රක්ෂණ  සමාගම  සතුවන  අතර  ඉතිරි  කොටස්  සේවක  අර්ථසාධක  අරමුදල්  හා ලිට්රෝස  සමාගම  අතර සමසේ බෙදි යයි.
 
නව රජය බලයට  පත්විමත්  සමග සී/ස කැන්විල්  හෝල්ඩිං සමාගමේ  නව කළමනාකාරිත්වය  විසින් හයාත් ව්‍යාපෘතිය  පිළිබද වෝහාර විගණනයක් පවත්වා ඇතැයි සදහන්.
 
කොළඔ  කොල්ලුපිටියේ හෝටල් සංකීර්ණයේ  ඉදිකිරිම් හි මුලික  පිරිවැය ඇස්තමේන්තු කළ  රුපියල්  මිලියන 13 සිට රුපියල් මිලියන 27 දක්වා  වැඩි කිරිම ඇතුළුව  දුෂණ හා අක‍්‍රමිකතා  රැසක් මෙහිදි   සිදුව  ඇති බවට  මෙම ස්වාධින වෝහාර විගණනයෙන් එළි දරව් කර තිබේ.
 
සීරැුස කැන්විල් හෝල්ඩිං  සමාගම  පසුගිය රජය කාලයේදි  හිටපු  ජනාධිපතිතුමාගේ  කාර්ය මණ්ඩල ප‍්‍රධානි  ගාමිණි  සෙනරත්ගේ  සභාපතිත්වයෙන්  පිහිටුවන ලද්දකි.
 
ඔහු  මෙම හෝටල්  ව්‍යාපෘතිය  ක‍්‍රියාත්මක  කළ ආයතනයේ කොටස් කරුවෙකු  වන  ලිට්රෝ ගෑස්  සමාගමේ සභාපති වශයෙන් ද  කටයුතු  කර ඇත.
 
වෝහාර විගණන කමිටුව විසින්  හයාත්  හෝටල්  ව්‍යාපෘතියේ  සිදුව  ඇතැයි  සොයාගෙන ඇති සංරචක දෙකකින්  යුක්ත මෙහි  අනෙක් ව්‍යාපෘතිය  වුයේ  හම්බන්තොට ද හයාත් හෝටල්  සංකිර්ණයක්  ඉදිකිරිමයි.
 
මේ සදහා  වෙන් කර තිබු  රුපියල් බිලියන  පහක මුදලින්  රුපියල් මිලියන 300ක්  ‍මෙහි  මුල්ගල් තැබිමටත්  පෙරාතුව  වියදම්  කර තිබිම  පුදුමයක් බවයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
 
කොල්ලුපිටියේ  හා හම්බන්තොට  හයාත් හෝටල් ඉදිකිරිමේ  ව්‍යාපෘතිය  ක‍්‍රියාත්මක  කරන  සිරැුස කැන්විල්  හෝල්ඩින් සමාගමේ එවකට  සිටි සභාපති  ගාමිණි  සෙනරත්ගේ කාලයේ  සිදුව ඇති බවට වෝහාර විගණන  මගින්  සොයාගෙන  ඇති  මෙම  දුෂණ හා අක‍්‍රිමිකතා  පිළිබදව  වැඩි  දුර  විමර්ශනය  සදහා  අමාත්‍ය රවි කරුණානායකගේ උපදෙස් පරිදි  ලබන සතියේ දි  පොලිස්  මුලය  අපරාධ විමර්ශන  කොට්ඨාශය  වෙත  පැමිණිලි  ඉදිරිපත් කරන  බව  වයෘපෘතියට  අයත්  සමාගමේ අධ්‍යක්‍ෂ ශලිල මුණසිංහ පැවසිය.
 
අක‍්‍රකතා  හා  දුෂණ  අතරට  අපරාධ පනත යටතේ  පොලිසිය විසින්  විමර්ශනය  කළ යුතු  කරුණු  රැසක්  පවතින බව  ලිට්රෝ  ගෑස් සමාගමේ  අධ්‍යක්ෂ මුණසිංහ පැවසා අැත.
 
ගාමිණි සෙනරත් මෙහි  සභාපතිත්වය  දැරූ  අවස්ථාවේදී  සම්මත  ටෙන්ඩර්  පටිපාටියෙන්  බැහැරව  කටයුතු කරමින් සැකසහිත  ගනු දෙනුවල යෙදි  ඇති බව විගණනය  විසින් සොයාගෙන  අතැයි ද සදහන්.
 
නිතිඥයෙකුට  ගිවිසුමකින් තොරව රුපියල් මිලියන 10 ක්  ගෙවිම ,යකඩ  මිලදි  ගැනිමේදි  රුපියල් මිලියන 16 පාඩු ලැබිම,අධ්‍යක්‍ෂ  මණ්ඩලයේ අනුමැතියෙන් තොරව සැපයුම් කරුවෙකුට  රුපියල් මිලියන 80 ක් ගෙවිම  ආදි  අක‍්‍රමිකතා  සොයාගෙන තිබේ.
 
තවද ජනවාරි 08 ජනාධිපතිවරණයට  පෙර දින  ඇ.ඩො මිලියන 37ක්  වටිනා ජාත්‍යන්තර  ටෙන්ඩර් ගිවිසුමකට එළඹිම ද මෙහි  මහා  පරිමාණ දුෂණවලට  අයත්වේ.
 
කොල්ලුපිටියේ  හා හම්බන්තොට  හෝටල් සංකීර්ණ  දෙකක් ඉදිකිරිමේ  ව්‍යාපෘතිය  ඇතුළත්  හයාත්  හෝටල් ව්‍යපෘතියේ  හෙලිදරව් කරගෙන ඇති මෙම මහා  පරිමාණ දුෂණ හා අක‍්‍රමිකතා පිලිබදව මුදල්  අමාත්‍ය  රවි  කරුණානායකගේ  උපදෙස් පිරිදි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාශය වෙත පැමිණිලි කරන බැව්  ව්‍යපෘතිය භාර සමාගමේ  අධ්‍යක්‍ෂ ශලිල මුණසිංහ  පැවැසීය.   
 

නව අදහස දක්වන්න