කාන්තාවක අැතුලු තිදෙනෙකුට මරණ දඩුවම | දිනමිණ

කාන්තාවක අැතුලු තිදෙනෙකුට මරණ දඩුවම

අසංක බණ්ඩාර
මුගුරුවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණය අද කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළා. 
 
මරණ දඬුවම නියම වූ එක් පුද්ගලයෙතුට එල්ල වූ චෝදනාව වූයේ හලාවත - දැදුරුඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමයි. 
 
මේ අතර 2003 වසරේ මාරවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මුගරකින්  පහර දී ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අඹු - සැමි යුවළකට මරණ දඬුවම නියම කර තිබේ. 
 
ඊට අදාළ නඩු අද හලාවත මහාධිකරණයේදී කැදවූ අවස්ථාවේදී මෙම මරණ දඬුවම් ප්‍රකාශයට පත් කෙරිණ.

නව අදහස දක්වන්න