තාජුඩීන් ඝාතනය ගැන තවත් හෝඩුවාවක් | දිනමිණ

තාජුඩීන් ඝාතනය ගැන තවත් හෝඩුවාවක්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 26 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චිගේ නියෝගයකට අනුවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක නිතිපති වෙනුවෙන් පෙනී  සිටිමින්  තාජුඩීන්ගේ ඝාතනය සිදු වු අවස්ථාවේ දී  පිටුපසින් පැමිණී වාහනය පිළිබඳ පරික්ෂා කරන බව අධිකරණයට දැන්වීය.

අදාළ විමර්ශන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන බව සදහන්.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව පැවසීය.

නව අදහස දක්වන්න