ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් | දිනමිණ

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රුපියල් කෝටි 12ට අධික මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගා ගත කර සිටි ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව ඔහු ගබන 26 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළේය.

සිද්ධියේ දෙවැනි සැකකරු වන නන්දන මෝටර්ස්හි කළමනාකරණ අධ්‍යක්ෂ නන්දන ප්‍රියන්තද එළැඹෙන 26දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

 

නව අදහස දක්වන්න