සන්ධානයේ පළාත් මන්ත්‍රීවරුන් 02ක් අත්අඩංගුවට | දිනමිණ

සන්ධානයේ පළාත් මන්ත්‍රීවරුන් 02ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකරමින් මීගමුව,ගල්කන්ද,දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔවුන් නීතීඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ මීගමුව පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නිරතවීම මෙන්ම පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.

නව අදහස දක්වන්න