ඩී.වීට හැදුනුම්පත් දෙකක් - සී.අයි.ඩීය | දිනමිණ

ඩී.වීට හැදුනුම්පත් දෙකක් - සී.අයි.ඩීය

අසංක බණ්ඩාර
දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයට දැන්වීය.
 
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරා දමන බවට පසුගිය මැයි 31 වැනිදා ඔහු කළ ප්‍රකාශය මත අත් අඩංගුවට පත්වූ අතර පසුව ඇප මත නිදහස් කෙරිණ.
 
ඔහු කළ කථාවේ වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ඒකකයට පරික්ෂණ සඳහා ලබාදී ඇත.
 
එහි වාර්තාව මෙතෙක් ලැබී නැතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එහිදී දැන්වීය.
 
ඒ අනුව නඩුව වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනි දිනට කල් තැබිණ.

නව අදහස දක්වන්න