වෙල්ගමට එරෙහි නඩුව කල් යයි | දිනමිණ

වෙල්ගමට එරෙහි නඩුව කල් යයි

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුවක් මාර්තු මාර්තු තුන් වැනිදාට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද නියෝග කළාය.

එම නඩුවට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර ඇති නිසා සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා පැමිණිල්ල  මාර්තු තුන් වැනිදාට කල් තැබීමට තීරණය කැරිණි.

2010 වසරේ දී ගමනා ගමන මණ්ඩල පනතට පටහැනිව එම මණ්ඩලයට උප සභාපතිවරයකු පත් කරමින් රජයට රුපියල් මිලියන 3.3ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මෙම නඩුව ගොනු කර ඇත.

නව අදහස දක්වන්න