ව්‍යාජ ඇමතුමක් දුන් තරුණියට ඇප - update | දිනමිණ

ව්‍යාජ ඇමතුමක් දුන් තරුණියට ඇප - update

කොළඹ - කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක සැක කටයුතු යමක් ඇති බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් තරුණිය ඇප මත මුදාහැර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ ඇයව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණිය අත්අඩංගුවට  -update

පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය  මීට මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ තරුණිය විසින් පසුගියදා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් පසු කැළඹීමක් සිදුවිය.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න