ඩේසි ආච්චිට ඇප ලැබෙයි | දිනමිණ

ඩේසි ආච්චිට ඇප ලැබෙයි

අයථා ලෙස රු.මිලියන 36ක මුදලක් යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි බව කියන ඩේසි ෆොරස්ට් ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව මුදලින් රු.25,000ක ඇපයක් සහ රු.ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් නියෝග කලේය.

අදාළ නඩුව යළි මැයි 19 වන දින කැඳවීමට නියමිතය.

කෙසේ වෙතත් ඩේසි ෆොරස්ට් මියගෙන් තව දුරටත් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීම මෙහිදී ප්‍රතික්ෂේප වී තිබේ.

නව අදහස දක්වන්න