මළ සිරුරක් කතරගම දේවාලයේ පූජාව නවතයි | දිනමිණ

මළ සිරුරක් කතරගම දේවාලයේ පූජාව නවතයි

රුහුණු මහා කතරගම දේවාල භුමියට ආසන්නයේ ඇති බෙහෙත් වත්ත තුල නාදුනන මළ සිරුරක් අද දින හමු වී තිබේ.

වයස අවුරුදු 35 කට ආසන්න පෙනුමක් ඇති පිරිමි අයකුට අයත් මෙම මළ සිරුර දැඩි ලෙස විකෘති වී ඇති බව අප වාර්තකරු පවසයි.

මිය ගොස් දින ගණනාවක් වන අතර මළ සිරුර හමු වු විට දී දැඩි ලෙස කුණු වී තිබුණි.

මෙම මරණය නිසා කතරගම මහා දේවාලයේ අද දහවල් 10 -30 පුජාව නොපැවැත්විය.

අද සවස මෙම මරණ පරීක්‍ෂනය සිදු කිරීමට නියමිත තිබු අතර ඉන් පසුව 06-30 රාත්‍රිපුජාව දේවාලය පිරිසිදු කිරීමෙන් පසුව සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමරගේ පැවසිය.

මෙම මරණය සම්බන්ද කතරගම පොලිසය පරීක්‍ෂණ පවත්වයි.

(කතරගම සංචාරක කේ ඩි දේවප්‍රිය)

නව අදහස දක්වන්න