ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට | දිනමිණ

ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ සැකකරවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මාපිටිගම ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී මිලි මිටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ තුනක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුට අංගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
පහළ මාපිටිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ආදාල සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

නව අදහස දක්වන්න