අදාහනාගාරය පුපුරයි - දේහය අනතුරේ - Photos | දිනමිණ

අදාහනාගාරය පුපුරයි - දේහය අනතුරේ - Photos

අරණායක පොල්අඹේගොඩ අදාහානාගාරයේ දේහයක් අදාහනය කරමින් සිටියදි එහි ග‍්‍රෑස් පිපිරිමක් සිදු විම නිසා අදාහානාගාරයේ සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අරණායක පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඒ.වි. බන්දුල රෝහණ කුමාර නැමැති අදාහනාගාරයේ සේවකයෙකි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය වන අවස්ථාවේ එහි දෙබත්ගම, පල්ලේබාග ප‍්‍රදේශයේ දේහයක් ආදාහානය කරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පිපිරිම සිදු විමෙන් දේහය පුළුස්සන කොටසේ ගිනි ගල් කිහිපයක් දේහයේ පෙට්ටිය මතට වැටි ඇති අතර දේහයට ඉන් හානියක් සිදු වි නොමැත.

පසුව එහි සිටි පිරිසකගේ සහයෝගය ඇතිව දේහය තැන්පත් කර තිබු පෙට්ටිය සුරක්ෂිතව ඇතුලත වැටි තිබු ගිනි ගල් ඉවත් කර තල්ලූ කොට එයින් ඉවත් කර එම අදාහනාගාරය පිහිටි බිමෙහිම මිහිදන් කරන්නට එම දේහය රැගෙන පැමිණි ඥාතීන් හා නිලධාරින්ගේද කැමැත්ත අනුව තීරණය කරන ලද බව අරණායක පොලිසිය පවසයි.

දේහය ඇතුලූ කර මඳ වේලාවකින් සිදු වු අනතුරක් නිසා දේහයට හානියක් වි සිදුවී නොමැත.

මෙම අදාහානාගාරය 2006වසරේදි විවෘත වුවකි.

(මාවනැල්ල සමන් විජය බංඩාර)

 

 

 

නව අදහස දක්වන්න