පොලිස් කොස්තාපල්ට ගුටි පූජාවක් | දිනමිණ

පොලිස් කොස්තාපල්ට ගුටි පූජාවක්

ගල්ගමුව, අඹන්පොල ප්‍රදේශයේදී සිදු කළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ සේවකයින් දෙදෙනෙකු විසින් අදාළ පහරදීම සිදුකර ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත.

පෞද්ගලික කාරණාවක් හේතුවෙන් එම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව අඹන්පොල පොලීසිය පැවසුවේය.

 

නව අදහස දක්වන්න