කළුතර සිදුවීමට සම්බන්ධ අල බෝලේ දැලේ | දිනමිණ

කළුතර සිදුවීමට සම්බන්ධ අල බෝලේ දැලේ

කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විමර්ශන වලදී අනාවරණය කරගත් තොරතුරු අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව සැකකරුවන්ට සැඟවී සිටීම සඳහා වාසස්ථාන ලබාදෙමින් රැකවරණය සපයා ඇති බවට සහ ඝාතනයට ආධාර අනුබල දීම යන චෝදනා පවතින බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි සමිත් චානක හෙවත් අල බෝලේ නැමැති 24 හැවිරිදි අයෙකු බව සඳහන්වේ.

ඔහු සතුව තිබී අපරාධය සංවිධානය කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

නව අදහස දක්වන්න