තාජුඩීන්ගේ අස්ථි කොටස්වල D.N.A වාර්තාව ලැබිලා | දිනමිණ

තාජුඩීන්ගේ අස්ථි කොටස්වල D.N.A වාර්තාව ලැබිලා

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රසාද් සිල්වාගේ නියෝගයකට අනුවයි.

මාළඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් අස්ථි  කොටස් ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමඟ ගැළපෙන්නේ දැයි අනාවරණය කර ගැනීමට බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමුකර කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අද දින අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය පිළිබඳ තවදුරටත් දීර්ඝ ලෙස පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ද සඳහන්.

නව අදහස දක්වන්න