බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන යළි රිමාන්ඩ් | දිනමිණ

බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන යළි රිමාන්ඩ්

පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට වෙඩි තබා  තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ විසින් අද එම නියෝගය නිකුත් කළේය.

පරික්ෂණ සාක්කිකරුවන්ට  අපහාසයන් හා තර්ජනයක් වන අයුරින් වාර්තා කළැයි අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යවේදියෙකු අධිකරණයට  ගෙන්වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.

නව අදහස දක්වන්න