දින 19කට මිලියන 209810ක් ඉල්ලයි | දිනමිණ

දින 19කට මිලියන 209810ක් ඉල්ලයි

ජුනි මාසයේ ගතවූ දින 19  තුළදී රුපියල් මිලියන 209810ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන  බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්බත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමට මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 515 (රුපියල් මිලියන 79310ක්) පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා හෙට (20දා) සිට 27 දා දක්වා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

මීට අමතරව ජුනි මස 01 දා රුපියල් මිලියන 29000ක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ජුනි 07 දා රුපියල් මිලියන 45000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්, ජුනි 09 දා රුපියල් මිලයන 26000ක් වටිනා භාණ්ඩාගා බිල්පත් වෙන්දේසියක් හා ජුනි 16 දා රුපියල් මිලියන 30500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පිළිබඳව පුවත්පත් නිවේදන මගින් ජනතාවට දන්වා ඇත.

නව අදහස දක්වන්න