පැරණි ක්‍රිකට් ක්‍රීඩකයින් රැකගැනීමට අරමුදලක් | දිනමිණ

පැරණි ක්‍රිකට් ක්‍රීඩකයින් රැකගැනීමට අරමුදලක්

1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව පැරැණි ක්‍රීඩකයන් රැකගැනීම උදෙසා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

මෙම අරමුදල පිහිටුවීමට තීරනය කර ඇත්තේ 96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංකල්පයක් අනුවයි.

එහි පළමු අවස්ථාව ඊයේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මින් පැරැණි ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව මුදල් පිරිනැමීමට සිදුවේ.

මෙම අරමුදලේ මුල්ම ප්‍රතිලාභීන් ලෙස ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ඒ.ජේ. සමරසේකර හා රසල් හාමර්ට පිළිවෙළින් රුපියල් ලක්ෂ 02 ක් හා රුපියල් ලක්ෂ දෙකහමාරක් පිරිනැමිණ.

මීට 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු එක්ව සිටියහ.

නව අදහස දක්වන්න