3 – 0 ලෙස පාකිස්ථානය පරදියි | දිනමිණ

3 – 0 ලෙස පාකිස්ථානය පරදියි

පාකිස්තානය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලකුණු 220කින් ජයගනිමින් තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් විය.

පාකිස්තාන කණ්ඩායම අද පෙරවරුවේ ලකුණු 244කට සියලූ දෙනා දැවී ගියේ ජයග්‍රහණය සඳහා සිය දෙවන ඉනිමේදී ලකුණු 465ක ඉලක්කයක් හඹා යමින් සිටියදීය.

පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ඔවුන් රැස්කරගත්තේ ලකුණු 315ක් පමණයි.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 538ක් ද දෙවන ඉනිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 241ක් ද ලබාගත්තේය.

තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

නව අදහස දක්වන්න