අසේලට, සීක්කුගේට යුද හමුදාවේ උසස්වීම් | දිනමිණ

අසේලට, සීක්කුගේට යුද හමුදාවේ උසස්වීම්

පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී ඇත.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න  බලලත් නිලධාරී I තනතුරටත් අසේල ගුණරත්න බලලත් නිලධාරී II තනතුරටත් උසස් කරනු ලැබ සිටිති.

සිකුගේ ප‍්‍රසන්න ඊට පෙර සාජන් නිලයේ කටයුතු කල අතර අසේල ගුණරත්න ද මීට පෙර කටයුතු කළේ සාජන් නිලයේයි. 

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 03ට පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පිරිනැමීම් සිදු කිරීමට නියමිතයි. 

නව අදහස දක්වන්න