කණ්ඩායම් සැලැස්මක් නැතුව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න බෑ - සංගක්කාර | දිනමිණ

කණ්ඩායම් සැලැස්මක් නැතුව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න බෑ - සංගක්කාර

ක‍්‍රිකට් යනු  ඕනෑම එකොළොස් දෙනෙකුට ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාවක් නොවන බව හිටපු ක‍්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු සඳහන් කළේ තරගයක් ජය ගැනීමට නම් හොඳම ක‍්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව ක‍්‍රීඩා කළ යුතු බවයි. 

වත්මන් කණ්ඩායමේ පසුබෑමට ද මෙය හේතුවක් විය හැකි බවටයි කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත්තේ. 

වත්මන් දේශීය ක‍්‍රිකට් සැකැස්ම අනුව දක්ෂයන් තෝරා ගැනීම අපහසු බවත්, එම සැකැස්ම නිවරැදි විය යුතු බවත් ඔහු පවසයි.

තරග පරාජය ක‍්‍රීඩා ලෝලීන් කණ්ඩායමෙන් ඈත් කිරීමට ප‍්‍රබල සාධකයක්. 

දක්ෂතාව අතින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරියෙන් සිටිය ද ඔවුන් තරගවල දී දක්ෂතා දක්වන ආකාරය අනුව ජය පරාජය තීරණය වන බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ. 

 

නව අදහස දක්වන්න