තර්ජිනී ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කරයි | දිනමිණ

තර්ජිනී ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කරයි

ලොව දක්ෂතම දැල්පන්දු විදින්නියක (Shooter) හා ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම්ට ඔස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩිකාවකට ජාත්‍යන්තර කණ්ඩායම් සඳහා එක්ව ක්‍රීඩා කිරීමට ලැබුණු පළමු හා එකම අවස්ථාව වන අතර, ඔස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කොන්ත්‍රාත් පදනම මත සේවය ලබාදෙන පළමු අවස්ථාව ලෙසද සටහන් වේ.

ඒ අනුව තර්ජිනී ඔස්ට්‍රේලියානු 'සිටි වෙස්ට් ෆැල්කන්ස්' මෙල්බර්න් හා ශාන්ත ඇල්බන්ස් යන එරට ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට නියමිතය.

මාස 06ක කොන්ත්‍රාත් පදනම මත තර්ජිනී මෙම කණ්ඩායම්වලට සේවය ලබාදෙන අතර ඇයට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීමේ පුමුඛ කාර්ය භාරයක් සිදුකර ඇත්තේ හිටපු දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක් හා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාසය.

 

නව අදහස දක්වන්න