සෝමවංශ වෙනුවෙන් ජ.වි.පෙන් සටහනක් | දිනමිණ

සෝමවංශ වෙනුවෙන් ජ.වි.පෙන් සටහනක්

අසංක බණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ෆේස් බුක් සටහනක් තබමින් සෝමවංශ අමරසිංහ පිලිබදව පවසා තිබේ.

සෝමවංශ අමරසිංහගෙන් පසු 2014 වසරේ පක්ෂයේ නායකත්වය අනුර කුමාර ලබාගත් අතර ඉන් මාස කිහිපයකට පසු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ ඔහු පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති මෙන්ම එහි නායකයන්ද විචේචනය කළේය.

ඒ අතර අනුර කුමාර දිසානායක ද විය.

කෙසේ වෙතත් ඒ සියල්ල අමතක කර සෝමවංශ අමරසිංහ සමුගත් මොහොතේ ඔහුගේ ගුණ වර්ණනා කරමින් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තැබීමට අනුර කුමාර දිසානායක කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුනේ සිව්වැනි නායකයා වූ සෝමවංශ අමරසිංහ පක්ෂය යළි ගොඩනැගීමේදී සුවිශේෂී කාර්යයක් කළ පුද්ගලයෙකි.

අනුර කුමාරගේ ෆේස් බුක් සටහන පහත පරිදිය -

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නිකුත්කල නිවේදනය පහත පරිදි -

 

නව අදහස දක්වන්න