අගමැති අපේක්‍ෂකත්වය චමල්ට දෙන්නැයි යෝජනාවක් - ඇමති අමුණුගම | දිනමිණ


 

අගමැති අපේක්‍ෂකත්වය චමල්ට දෙන්නැයි යෝජනාවක් - ඇමති අමුණුගම

අසංක බණ්ඩාර
නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ  ඉදිරිපත් කිරීමට යෝජනාවී ඇතැයි බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඒ පිළිබදව  චමල් රාජපක්ෂගෙන් අදහස් විමසා ඇති බව ද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.
 
එහිදී චමල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවයි.
 
ශ්‍රී ල නි පයේ මධ්‍යස්ථ පාර්ශවයක් වෙතින් එවැනි යෝජනාවක් පැමිණි බවයි එහි දී අවධාරණය කෙරුණේ.
 
කෙසේ වෙතත් ශ්‍රී ල නි පයේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට  පත්කර ඇති කමිටුව විසින්  කරුණු 18 ක යෝජනාවලින් යුතු වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ද සදහන්.

නව අදහස දක්වන්න