පුංචි ඡන්දය ගැන අවසන් තීරණය 23 ට පසු | දිනමිණ

පුංචි ඡන්දය ගැන අවසන් තීරණය 23 ට පසු

පළාත් පාලන මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ජනවාරි මස 23 දාට පසුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි බව එහි සදහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයන් හා නියෝජිතයන් එක්ව සිටි  බවයි.


නව අදහස දක්වන්න

Or log in with...