පෙරටුගාමීනුත් සයිටම් එරෙහි සටනට එක්වෙයි | දිනමිණ


 

පෙරටුගාමීනුත් සයිටම් එරෙහි සටනට එක්වෙයි

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගන්නා ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට තම සහාය දක්වන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී තිබේ.

පෙරටුගාමී පක්ෂය හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී පක්ෂය විසින් මේ බව දැනුම් දී තිබේ.

එසේම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බවට දෙපාර්ශ්වයම මෙම සාකච්ඡාවී එකඟ වී ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගන්නා ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට සහය දක්වන බව ද පැවසීය.

නව අදහස දක්වන්න