සයිටම් අර්බුදය සම්බන්ධ විශේෂ විවාදයක් - update | දිනමිණ

සයිටම් අර්බුදය සම්බන්ධ විශේෂ විවාදයක් - update

රටපුරා පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හා ඊයේ සිදුවූ සයිටම් විරෝධී සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද  පස්වරු 04.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක කරු ජයසුරීය සභාවට දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් අනුව කථානායකවරයා විවාදය පැවැත්වීමට එකඟත්වය පළ කළේය.

අපරාධ නඩු විධාන සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගිනියි - update

අපරාධ නඩු විධාන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවට නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

 

නව අදහස දක්වන්න