කාන්තාවකගේ අතක් දිවියෙකු සපා කයි | දිනමිණ

කාන්තාවකගේ අතක් දිවියෙකු සපා කයි

අසංක බණ්ඩාර
බගවන්තලාව කිව් වතුයායේ තේ දලු නෙළීමට ගිය කාන්තාවකගේ අතක් දිවියෙකු විසින් සපාකෑම නිසා එම කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කැර ඇත.
 
මෙම කාන්තාව අද පෙරවරු 9.00 වත්තේ තේ දලු නෙළමින් සිටියදී තේ පඳුරක සැඟවී සිටි දිවියා ඇගේ වම් අත සපා කා පලාගොස් තිබේ.
 
පසුව ප්‍රදේශවාසීන් ඇයව රෝහල් ගතකර බව සදහන්.
 
මෙම කාන්තාවගේ වම් අතේ දිවියාගේ දත් පහරවල් කිහිපයක් ඇතත් ඇගේ තත්ත්වය බරපතල නොවන  බව වෛද්‍යවරු පවසයි.

නව අදහස දක්වන්න