දේව පානය වැරදී 2ක් එළොව යයි | දිනමිණ

දේව පානය වැරදී 2ක් එළොව යයි

අසංක බණ්ඩාර
තම පවුලේ අයට මුහුණ දිමට සිදුව ඇති අපල උපද්‍රවයක් ඉවත් කර ගැනිම පිණිස මතුරා දෙනු ලැබු තැඹිළි වතුර පානය කිරිමෙන් පසු අසාධ්‍යය තත්ත්වයට පතව හලාවත සහ පුත්තලම රෝහල් වෙත ඇතුළු කළ පියෙකු සහ දියණියක මියගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ සීදුව රාජපක්ෂපුර විසු මල් නයිදේලාගේ ලයනල් ප්‍රනාන්දු නමැති පියා සහ එම්ගටිගඑස්ගප්‍රනාන්දු  නමැති දියණියයි‍.
 
මියගිය දෙදෙනා තම අසල්වැසියන් පිරිසක් සමග පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණ එම ගමේ පදිංචි කපිල නැමති අයෙකු වෙතින් තමන්ට මුහුණ දිමට සිදුව ඇති අපල උපද්‍රවයන් ඉවත් කර ගැනිම පිණිස  ශාන්ති කර්මයක් ගෙන ඇති බව පොලිසිය කියයි.
 
එහිදි එම පුද්ගලයා විසින් මතුරා දෙනු ලැබි තැඹිළි වතුර මෙම දෙදෙනාම මෙන්ම සෙසු පිරිස ද පානය කර ඇති බව පොලිසිය සදහන් කළේය.
 
අදහස් 2ක් ඇත

මෙම ප්‍රවෘත්තිය මමත් ආවරණය කලා. .ඔය දේවාලය පිහිටා තිබෙන්නේ අට්ටවිල්ලුවේ නෙමෙයි.කොට්ටුකච්චියේ.මිය ගොස් ඇති දුවගේ නම තුෂාරි ප්‍රනාන්දු.දුවට ‍බෙන්න දීලා තියෙන්නේ තැඹිලි වතුර.පියාට දීලා තියෙන්නේ අන්නාසි යුෂ.මට නම් පේන්නේ මෙම ප්‍රවෘත්තියේ ඇත්ත හොයන්න පැත්ත පළාතකවත් ආපු නැති කෙනෙක් ඔයාලට බොරු තොරතුරු දීලා.මේකෙන් වෙන්නේ ඔබගේ වෙඩ් අඩවිය ගැන පාඨකයින්ගේ තියන විශ්වාසය නැති වෙන එක විතරයි.

නව අදහස දක්වන්න