අන්තර් හුවමාරු ගුවන් පාළම අනතුරක | දිනමිණ

අන්තර් හුවමාරු ගුවන් පාළම අනතුරක

අසංක බණ්ඩාර

හම්බන්තොට මිරිජ්ජවිල අන්තර් හුවමාරු මාර්ග පද්ධතිය පිහිටි ගුවන් පාළම අසල පස් කන්දක් සේදී යෑමේ තර්ජනයට ලක්ව ඇති නිසා එයට යා බද පිහිටි වියළි කලාපීය උද්භිත උද්‍යානයට අයත් නිළ නිවාසක් කඩා වැටීමේ අවදානමක් පවතී.

පස් කන්ද සේ දී ගොස් නිළ නිවස පිහිටි ආසන්නයටම ලඟා වීම නිසා මහ වැසිවලට නිවස ගිලා බැසීමට ඉඩ පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගුවන් පාළම සහ භුගත මාර්ග පද්ධතිය ඉඳිකිරීම සඳහා පස් කඳු කපා දැමිමෙන් මෙම අනතුරු දායක තත්ත්වය මතුවී ඇත.

මාර්ග පද්ධතිය ඉඳිකිරීමට පෙර උද්භිත උද්‍යානයේ නිළ නිවාස ඉඳි කර ඇති අතර නිවස ආසන්නයේම පස් කඳු කැපීමෙන් මෙම තත්ත්වය මතු වී තිබේ.

නුදුරේදී ගුවන් පාළමටද මෙම අනතුරු දායක තත්ත්වය උදාවිය හැකි බව ජනතාව පවසති.

භුගත මාර්ගයේ ද තැන තැන කාණු සේදී යෑම නිසා මාර්ගයද කැඩී යෑමේ අවදානමකට පත්වී ඇත.

(ලුණම සමූහ සනත් ගමගේ)

 

නව අදහස දක්වන්න